ආදර මල් වල පාට කියන්නද
ඒ වගෙ ලස්සන තව නෑ
මීදුම් පිණී පොද දෑස වසන් කළ
සමනල් සිහිනය පිපුනා


දේදුණු රේඛා දෑසම තවරා
තවමත් මල් සිප බලා සිටිනවා
මීදුම තවරා සුළඟට 
ඈතක සඟවා තුන් සිත
දෑස හොරෙන් ඈත සොයනවා
අඳුර මැදින් එන්න සඳලියේ

දේදුණු සායම දෑසම බොඳකර
මාලති යායක හැලිලා
සීතල හිම කඳු යායක පියමැන
දෙව්ලිය සිහිනෙක වැඩියා

Adara Mal Wala By Kasun Kalhara

0 comments:

Post a Comment