Showing posts with label බණ්ඩාර අතාවුද. Show all posts
Showing posts with label බණ්ඩාර අතාවුද. Show all posts

ඔබ ඈත සඳ වී පායා
මම මෑත තරුවක පිපිලා
මේ නිසල ‍රැයේ ඔබ නිදනා
මා ඔබ ඔබ මා ලඟ ඉන්නා

අප දුරින් දුරක වුව තනියේ
නෙත් සරින් පමණි හමු වූයේ
ඒ ඈත් බවිනි හද බඳුනේ
සෙනෙහසේ සොඳුරු බව පිරුනේ

ඔබ ඈත සඳ වී පායා....

මදු සඳ තරු අද හමු වීලා
සිටියද ඔබ මා ලං වීලා
ඒ දුරක එදා අප පිපිලා තිබු
සොඳුරු සෙනේ ගඟ සිඳිලා

ඔබ ඈත සඳ වී පායා....

බණ්ඩාර අතාවුද
 oba atha sanda wee paya - bandara athauda