ගමනේ ගිනි නිවු එදා සැනසුම් පවන් සලා
ඔබ මා දවයි දිවා රැ හද සෝ සුසුම් හෙලා

මතකේ තිබෙද ඒ යුගේ මාගේ චෙතනා
වැටහෙන්නෙ දැන්ද ආදරේ සෝක වේදනා
ඝන අන්දකාරයේ පාලුවේ කිමිදුනා
තනිවුයේ ඔබ නොවේ මා පවා තනිවුනා

ඔබ මන්මුලා වෙලා ගියා පෙම්පහන් නිවා
අහිතක් හිතන්නෙ නෑ ප්‍රියේ සිහිනෙකින් පවා
අද ඔබගෙ ජීවිතෙ කතරකි වාලුකා
හිනැහෙන්න යලී ප්‍රියේ දඉවයේ තාරකා

gamane gim niwu - milton mallawarachchi

0 comments:

Post a Comment