Showing posts with label කසුන් කල්හාර. Show all posts
Showing posts with label කසුන් කල්හාර. Show all posts

ඉගිලෙන්න ඔබ එක්ක ආකසේ
විදගන්න ඒ සිසිල ම සිත්සේ
මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ පිනි බින්දු මල් වහි අරන්
සද මිතුරි සිත මිහිරි කල මැනවි
බිදු කදුලු පිනි පොකුරු කල මැනවි...

මට මම ම වී ඉන්න ලොකෙන් බිදක් නොදෙන
ඈතට වෙලා අපි අපිම වී ඉතින්
නව ලොවට මුල් අනු දෙන්න
මිල නොවන පෙම් කවිය පබදන්න
පිනි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න
ආදරය දලු ලන්න මිහිකත මතින්
සිහිනෙ සරනා..සිහිනෙන් දැවෙනා..

ඉගිලෙන්න ඔබ එක්ක...

ජීවිතය විදගන්න ලොකෙන් ඉඩක් නොදෙන
ඈතට වෙලා තෙමෙමු පිනි වැහි පොදින්
ප්‍රේමයට ප්‍රේමය වෙන්න
නිල නොවන ජිවිතය පුබුදන්න
පිනි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න
ආදරය දලුලන්න මිහිකත මතින්
සිහිනේ සරනා කිරණින් දැවෙනා..

sanda mithuri by kasun kalhara

කවුළු පියන් පත් වහන්න 
සදලු තලාවේ.........
නුඹ දුරයි නෙතට මා සිටිනා 
ළවැලි තලාවේ........ 

විලක දුරක මල් පිපුනේ අපට නොවේමැයි
ඔරු පාරු ඇවිත් බලා යාවි විල් දිය ගැබුරුයි
මල් සුවද උරා ඇදී යන්නේ බඹරුන් කොමැයි

සදුලුතලාවට පැල්පත දුරනම් බෝමැයි 

මුදු සිනා සලන සදවත අහසේම රැදුනාවේ
ඉහිමරණ තරු කැලුම් අහසට නොම පෙනුනාවේ 
සිත ඈත අරන් යන විමනේ සදලුතලාවේ 
කවුළු පියන් වසනු මැනවි නෙතුකැන් හමුවේ

kawulu piyanpath wahanna by kasun kalhara

ආදර මල් වල පාට කියන්නද
ඒ වගෙ ලස්සන තව නෑ
මීදුම් පිණී පොද දෑස වසන් කළ
සමනල් සිහිනය පිපුනා


දේදුණු රේඛා දෑසම තවරා
තවමත් මල් සිප බලා සිටිනවා
මීදුම තවරා සුළඟට 
ඈතක සඟවා තුන් සිත
දෑස හොරෙන් ඈත සොයනවා
අඳුර මැදින් එන්න සඳලියේ

දේදුණු සායම දෑසම බොඳකර
මාලති යායක හැලිලා
සීතල හිම කඳු යායක පියමැන
දෙව්ලිය සිහිනෙක වැඩියා

Adara Mal Wala By Kasun Kalhara

ඇරඹුමම කඳුලක් වෙලා මා බලා ඉද්දී ඒ දිහා
ආදුරත් දුර වැඩි නිසා අවසානයට පෙර ඈ ගියා

දුක් බරම කවියක් ලියා එහි පද පෙළක් අඩුවෙන් තියා
අරුත පසිඳින්නට කියා අවසානයකට පෙර ඈ ගියා

ශෝකාන්තය එන තුරා එහි ‍රැ‍ඳෙන්නට සිත් නැති නියා
අනන්තය ලඟ මා දමා අවසානයට පෙර ඈ ගියා


arambumama kandulak wela by kasun kalhara