Showing posts with label කරුණාරත්න දිවුල්ගනේ. Show all posts
Showing posts with label කරුණාරත්න දිවුල්ගනේ. Show all posts

ඔබ දන්නවනම් එක කඳූළු බිඳක් 
හිතයටට වෙලා දුක්විඳීන තරම්
ඒ කඳූල වුණත් නෙතු අගට ඇවිත්
යළි ඔබේ පයට පෑගෙනවා නම්

එක මලක් තනන්නට රුවට රුවින්
ගහ වැල දුක් ගින්දර විඳීන තරම්
ඒ පිපෙන මලක් කළු දෙබරු ඇවිත්
විෂ තුඩින් පෙළා රිදවනවා නම්

දස මසට වඩා පුරනා පෙරුමන්
ලොව හදන වඩන මව්වරුනි උතුම්
මට කියාදෙන්න ලොව ඇතිද ඉතින්
වෙන අරුතක් මේ ජීවිතය තරම්......

Oba dannawa nam By Karunarathne divulgane

සුළඟ නුඹ වගේ සිත් මල වටා එතේ
මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි 
වැස්ස නුඹ වගේ සිත් මලට ඇදවැටේ
මලේ පාට නොසේදීම පුදුමයක් තමයි

සිත හැඳිනුවෙත් ඔබයි
පසු පසම එළව එළවාවිත් සැනසුවෙත් නුඹයි
නුඹ මගේ සිත අරන් ගියා පුදුමයක් නොවෙයි

සිත තනිකලෙත් නුඹයි
මගෙ සිතේ සියුම් තැන් සොය සොය රිදවුවෙත් නුඹයි
ඒත් නුඹෙන් සිත නොමිදේ පුදුමයක් තමයි

sulanga numba wage by karunarathna divulgane

ආදරය සුන්දර වරදකි
කිසිදා සමාවක්‌ නම් නැති 
මට පෙන්නලා ආලේ හැටි
නුඹ දුන්නු දුක හොඳටම ඇති

ඉඳුවර නුවන් දෑලේ වැටී පෑහී
බැහැරී වෙලී උන්මාද වූයේ මා
වෙනකෙකු දිහා බැලුමට යලිත්
මට නෙත් නැතැයි කෙඳිරුවේ කවුරුන්දෝ

පුළුලුරුතලා වීණා බඳින් දැවටී
රතැඟිලි බැඳී නින්නාදයේ අනුරා
හද ස්‌වර පවා කම්පිත වෙවී
මට මා පවා නැති කලේ කවුරුන්දෝ

adaraya sundara waradaki by karunarathna divulgane