සිනහව අතරින් කදූලක්‌ උපන්නා
අබැව් නොදැනිම සිනහවක්‌ම පැවා......//

හිමකැට වැටෙනා සීතල උදයක
ඇයහමු උවා කදුකර පෙදෙසක
හිමමෙන් පිරිසිදු ඔබෙ ආදරයෙ‍‍.....//
සතුටලැබෙන්නෙ කෙකෙසද සොදුරේ
කදුලැලි දුනොය නිල්මිනි දැසට
පමනයි කෙල්ලෙ ආලය කෙරුවෙ

සිනහව අතරින් කදුලක්‌ උපන්නා....//

හදවත ගොලුනැත මා මියු ලැසියෙ
ගොලුකලෙ කවුදැයි ඔබ නෙද දන්නෙ
ඔබ පමනයි මට සතුටට හිටියේ.....//
ඇයි එසතුටත් ඉවතට දැම්මෙ
නිල් මිනි දෑසට මම සුදු ආසයි
ඔබෙ ඔය දැසට මම සුදු ආසයි
කවදත් නොලැබෙන මිරිගුව එකයි

සිනහව අතරින් කදුලක්‌ උපන්නා....//
 sinahawa atharin kadulak upanna

සීත අරණේ සුපුල් නාමල සුවඳ ගැල්වූ ජීවිතේ
සීත හිම ගිර සීත නොදැනේ දැනේ උණුසුම ආදරේ


ලතාවක් සේ වෙලී සියොලඟ
පතමි ‍රැකවරණය ඔබෙන් ..//
සදා දෝතින් මලක් සේ ඔබ
වැලඳ ගන්නෙමි හදවතින්.. හදවතින්


වලාවක් සේ අයාලේ ගිය
සිතට නිවහන ඔබ ලඟයි..//
මහා කතරෙක ගෙවූ තනි මග
නිමා කල ඉම ඔබ  නෙතයි... ඔබ නෙතයි


සීත අරණේ ....


මිල්ටන් මලාවාරච්චි / මාලනී බුලත්සිංහල

සරා සඳේ සිනා සේලේ ගිලිහී වැටිලා
වලා තලේ ඔබේ දෑසේ සිනහා මැවිලා
තනිවී අඳුරේ සුසුමේ වෙලිලා

වැතිරී සීත මීදුම් පායේ හදේ වේදනා ..//
හඬා වැටේ එදා ඇසූ ඔබේ ගීතිකා

සරා සඳේ සිනා සේලේ ගිලිහී වැටිලා
වලා තලේ ඔබේ දෑසේ සිනහා මැවිලා

සැඟවී ඈත මේ හිම යායේ කොහේ පාවෙලා..//
මිලානවී ගියාද යේ සිනා වාසනා

සරා සඳේ සිනා සේලේ ගිලිහී වැටිලා
වලා තලේ ඔබේ දෑසේ සිනහා මැවිලා
තනිවී අඳුරේ සුසුමේ වෙලිලා

එච්.ආර්. ජෝතිපාල


පායා එන සඳ වත මනරම් තනිකමත් බෝම සීතයි
වාවාගෙන මහමෙරක තරම් උණුසුමකින් තුරුලු වෙමී
දිවිය පුරා ලඟහිඳ මා හා සංසාරේ වෙලෙනා
උණුසුමකින් තුරුළු වෙමී සසර පුරා ලඟ හිඳිමී

නොහඬනා දිනක් නොතිබුනාද මන්දා
ඔබ පෙම් හසුනක ලියනා පෙම් කවි කීවෙමි මුමුනා
මග බලා හිඳීනම්

පාය එන සඳවතක තරම් තනිකමත් බෝම සීතයි
වාවාගෙන මහමෙරක තරම් උණුසුමකින් තුරුළු වෙමී
දිවිය පුරා ලඟ හිඳ මා හා සංසාරේ වෙලෙනා
උණුසුමකින් තුරුළු වෙමී සසර පුරා ළඟ හිඳිමී

නොසැලෙනා සිතින් නෙලාගන්න තිබෙනා
නෙතු අද්දර මල් පිපෙනා හැර යන්නට සිත නොදෙනා
අපි අපේම වේ නම්

පා එන සඳ සිසිල අරන් මා හා ඉඳ ගං ඉවුර ලඟින්
උණුසුමකින් තුරුළු වෙමී දිවිය පුරා ලඟ හිඳ මාහා සන්සාරේ වෙලෙනා
නෙතු කැළුම් තාම මතකයි උණුසුමකින් තුරුළු වෙමී දිවිය පුරා ලඟ හිඳිමී

භාතිය ජයකොඩි / සන්තුෂ් වීරමන්

paya ena sanda watha bathiya sandthush