Showing posts with label නිරෝශා විරාජිනී. Show all posts
Showing posts with label නිරෝශා විරාජිනී. Show all posts

සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්
මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්

නොහඩා ඉන්නම් ගිලිහුන දා පෙම් ලොව මල්දම්
දුටුව නිසා අදරයෙ දෙව් රුව ඔබගෙන් මං



බොසත් ඔබ සිත ලග උවැසිය වි දැහැනට වී
සිටියා මිස නොදනිමි කොයි සිටියාදැයි මලවී
පුදසුන් මත මිය යද්දි සහසක් මල් පරවී
නොපිදු මල තවමත් ඇත ඔබ ගැන බැති බරවී



මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකී 
ඔබට ලංව දුක බෙදා ගන්න බැරිකම දුකකී
මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකී 
එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකී



සිනාතොටක් විය.......

Sinathotak viya - Nirosha Virajini