Showing posts with label යමුනා විනෝදනී මහත්මිය. Show all posts
Showing posts with label යමුනා විනෝදනී මහත්මිය. Show all posts

අසුරු සැනින් එක මොහොතකදී
කාලය නැවති යලි ඇර බී
විශ්වය අලුතින් බිහිවේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා

යෙහෙලියන්ගේ ඉගි දිනක සැබෑ වී
ඔබේම කුලගෙයි පතිනිය වන්නට//
මතුයම් දවසක හැකිවේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා

අසුරු සැනින් එක මොහොතකදී....

සෙනෙහෙ විමානේ කිරුල දරනදා
සිඟිති තොලක කිරි සිනා දකින්නට//
එක සෙවනකදී හමුවේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා

අසුරු සැනින් එක මොහොතකදී...

Asuru sanin eka mohothakadee - yamuna vinodanee