Showing posts with label භාතිය ජයකොඩි / සන්තුෂ් වීරමන්. Show all posts
Showing posts with label භාතිය ජයකොඩි / සන්තුෂ් වීරමන්. Show all posts

පායා එන සඳ වත මනරම් තනිකමත් බෝම සීතයි
වාවාගෙන මහමෙරක තරම් උණුසුමකින් තුරුලු වෙමී
දිවිය පුරා ලඟහිඳ මා හා සංසාරේ වෙලෙනා
උණුසුමකින් තුරුළු වෙමී සසර පුරා ලඟ හිඳිමී

නොහඬනා දිනක් නොතිබුනාද මන්දා
ඔබ පෙම් හසුනක ලියනා පෙම් කවි කීවෙමි මුමුනා
මග බලා හිඳීනම්

පාය එන සඳවතක තරම් තනිකමත් බෝම සීතයි
වාවාගෙන මහමෙරක තරම් උණුසුමකින් තුරුළු වෙමී
දිවිය පුරා ලඟ හිඳ මා හා සංසාරේ වෙලෙනා
උණුසුමකින් තුරුළු වෙමී සසර පුරා ළඟ හිඳිමී

නොසැලෙනා සිතින් නෙලාගන්න තිබෙනා
නෙතු අද්දර මල් පිපෙනා හැර යන්නට සිත නොදෙනා
අපි අපේම වේ නම්

පා එන සඳ සිසිල අරන් මා හා ඉඳ ගං ඉවුර ලඟින්
උණුසුමකින් තුරුළු වෙමී දිවිය පුරා ලඟ හිඳ මාහා සන්සාරේ වෙලෙනා
නෙතු කැළුම් තාම මතකයි උණුසුමකින් තුරුළු වෙමී දිවිය පුරා ලඟ හිඳිමී

භාතිය ජයකොඩි / සන්තුෂ් වීරමන්

paya ena sanda watha bathiya sandthush