Showing posts with label දමිත් අසංක. Show all posts
Showing posts with label දමිත් අසංක. Show all posts

මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ
සිත තාම දන්නේ නෑ අයිද පෙම් කලේ
සඳ රාජිනී ඔබයි මගේ හද මන්දිරේ
සදා වෙනස් නොවේ මගේ ආදරේ..//

රෑ දොලොස් පැයේ ඔබේ නෙතු මා ලඟයි ප්‍රියේ
චන්චලයි වගේ ඔබේ හිත කොයිද පාවුනේ..//
අදහන්න බෑ කඳුලක්ද ආදරේ
නුඹ දන්නේ නෑ සුන්දරයි ජීවිතේ

තාරුකාවියන් ගොතාලා මාගේ අම්බරේ
ඇයිද හැංගුනේ හෙලා මා අන්දකාරයේ ...//
අදහන්න බෑ කඳුලක්ද ආදරේ
නුඹ දන්නෙ නෑ සුන්දරයි ජීවිතේ

මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ
සිත තාම දන්නේ නෑ අයිද පෙම් කලේ
සඳ රාජිනී ඔබයි මගේ හද මන්දිරේ
සදා වෙනස් නොවේ මගේ ආදරේ..//


දමිත් අසංක