පායා එන සඳ වත මනරම් තනිකමත් බෝම සීතයි
වාවාගෙන මහමෙරක තරම් උණුසුමකින් තුරුලු වෙමී
දිවිය පුරා ලඟහිඳ මා හා සංසාරේ වෙලෙනා
උණුසුමකින් තුරුළු වෙමී සසර පුරා ලඟ හිඳිමී

නොහඬනා දිනක් නොතිබුනාද මන්දා
ඔබ පෙම් හසුනක ලියනා පෙම් කවි කීවෙමි මුමුනා
මග බලා හිඳීනම්

පාය එන සඳවතක තරම් තනිකමත් බෝම සීතයි
වාවාගෙන මහමෙරක තරම් උණුසුමකින් තුරුළු වෙමී
දිවිය පුරා ලඟ හිඳ මා හා සංසාරේ වෙලෙනා
උණුසුමකින් තුරුළු වෙමී සසර පුරා ළඟ හිඳිමී

නොසැලෙනා සිතින් නෙලාගන්න තිබෙනා
නෙතු අද්දර මල් පිපෙනා හැර යන්නට සිත නොදෙනා
අපි අපේම වේ නම්

පා එන සඳ සිසිල අරන් මා හා ඉඳ ගං ඉවුර ලඟින්
උණුසුමකින් තුරුළු වෙමී දිවිය පුරා ලඟ හිඳ මාහා සන්සාරේ වෙලෙනා
නෙතු කැළුම් තාම මතකයි උණුසුමකින් තුරුළු වෙමී දිවිය පුරා ලඟ හිඳිමී

භාතිය ජයකොඩි / සන්තුෂ් වීරමන්

paya ena sanda watha bathiya sandthush

0 comments:

Post a Comment