ඔබ ඈත සඳ වී පායා
මම මෑත තරුවක පිපිලා
මේ නිසල ‍රැයේ ඔබ නිදනා
මා ඔබ ඔබ මා ලඟ ඉන්නා

අප දුරින් දුරක වුව තනියේ
නෙත් සරින් පමණි හමු වූයේ
ඒ ඈත් බවිනි හද බඳුනේ
සෙනෙහසේ සොඳුරු බව පිරුනේ

ඔබ ඈත සඳ වී පායා....

මදු සඳ තරු අද හමු වීලා
සිටියද ඔබ මා ලං වීලා
ඒ දුරක එදා අප පිපිලා තිබු
සොඳුරු සෙනේ ගඟ සිඳිලා

ඔබ ඈත සඳ වී පායා....

බණ්ඩාර අතාවුද
 oba atha sanda wee paya - bandara athauda

0 comments:

Post a Comment