පායා ආ සඳ අඳුරු වලාවෙන්
මා ඉදිරියෙදිම වැසුනා
ශෝකය තාපය පාළුව අතරේ
ඉකි බිඳ හැඬුවා ඇසුනා


හද විමනේ බිතු සිතුවම්
කිලිටි කලේ ඔබේ දෑතයි..//
නොපැතු වියෝගයෙ මහ වරුසාවෙන්
දෑත දෙපය මගෙ සීතයි


පායා ආ සඳ.....


ඔබ පැමිණී ඔබම ගියා
නැවතුන තැන මම ඉන්නම්
මගෙ සහයෝගය පතන වෙලාවේ
කොහෙ සිට හෝ යලි එන්නම්


පායා ආ සඳ.....




මිල්ටන් මල්ලවාරච්චි

 paya a sanda - milton mallawarachchi

0 comments:

Post a Comment