දේදුන්න සේදී වෑ නිල්ල උතුරා ලා දම් අහසින් වැස්සක් වැ‍ටුනා
මනමාලි වී ඈ හද ගින්න අවුලා පිට ගම් යනවා බොඳවී පෙනුනා
බාලේ ඉඳලා හද බැඳි ආදරේ ගෙල රන්තාල නොබැඳී අවසන් උනේ
කාලේ ගෙවිලා මං ගම ආ දිනේ ඈ කරකාර බැඳලා නොකියා ගියේ

මා දම් කැලෑවේ ලඳු ඕවිටේදී බාලේ ඉඳන් කී කවි ගීතිකා
පාවී ගියාවේ සුලඟේ වෙලීලා ආලේ නමින් වූ හද ගී මකා
නොසිතූ සේ ආදර මල් පෙති විසිරෙයි සිත වැලපේ සුහදේ
නොපැතූ සේ යා යුතු වෙයි මේ ඉරණම් ගමනේ කඳුලින් මෙසේ

දේදුන්න සේදී වෑ නිල්ල උතුරා ලා දම් අහසින් වැස්සක් වැ‍ටුනා
මනමාලි වී ඈ හද ගින්න අවුලා පිට ගම් යනවා බොඳවී පෙනුනා

බාලේ ඈ වැල්ලේ වැව් තාවුලේදී දිවුරා හදින් ඈ බහ දුන් නිසා
දෑසින් මහෝගෙන් උතුරා ගැලූයේ දෝරේ ගැලූදා බැඳි ආදරේ
තනි වූ දා මා පිය සෙනෙහසටයි හිස නැමුනේ රහසේ
නොපැතූදා මා හද දෙව්ලොව හැර යන්නම් මිහිරේ තරු ඇස් වැසේ

දේදුන්න සේදී වෑ නිල්ල උතුරා ලා දම් අහසින් වැස්සක් වැ‍ටුනා
මනමාලි වී ඈ හද ගින්න අවුලා පිට ගම් යනවා බොඳවී පෙනුනා
බාලේ ඉඳලා හද බැඳි ආදරේ ගෙල රන්තාල නොබැඳී අවසන් උනේ
කාලේ ගෙවිලා මං ගම ආ දිනේ ඈ කරකාර බැඳලා නොකියා ගියේ
දේදුන්න සේදී වෑ නිල්ල උතුරා ලා දම් අහසින් වැස්සක් වැ‍ටුනා

Dedunna sedi By Bathiya & santhush (sara sihina album)

0 comments:

Post a Comment