කැමීලියා මල් සුවඳට
සඳ කෙමි මත් පා තිය තිය //
මගේ කුටියේ කවුළුදොරින්
නිදි බින්ද දෑස ඒ ඔබමද 
සින්ඩරෙල්ලා . . .

සකුණ ගීය සැඟවී යන 
පළා පැහැයෙ අළු තවරා //
සැන්දෑ අඳුර ගේන පවන වගේ සියුම් සරින්
ඈත එපිටින් හදට වඩින්
සින්ඩරෙල්ලා . . .

කැමීලියා මල් . . . 

සුසුදු හංස පියාපතින්
ගෙත්තම් කොට නිමවා //
ඇන්ද සිනිඳු සේද සළුව වළාකුලෙන් අතුරා
යන්න ගියේ බිය හිතිලද 
සින්ඩරෙල්ලා . . .

Kameeliya mal suwandata - Kithsiri Jayasekara 

0 comments:

Post a Comment