කියන්නට බැරි තරම් ඔබට අදරෙයි මං
දරන්නට බැරි තරම් දුක වාවන්නට බෑ දැන්
ඔබ ඇයි කුරිරු මේ තරම්
සිතක් නැති කෙනෙක් මෙන්
මා හෙලනා මේ සුසුම් ඔබට දැනෙනවා නම්
මා සොයා යළි ඇවිත් සිපගන්නකෝ මා දෙතොල්

මතකේ හසරැල් නැගෙන රැයේ
දෙනෙතින් කදුළැල් ගලා ගියේ
ජීවිතයේ රස දැනෙන වියේ
ඔබ මා හැරදා ඇයිද ගියේ

ඔබ ඇයි අන් සතු උනේ ඔබ ඇයි මා හැර ගියේ
පූජනීයයි ආදරේ ඔබ එය නොදනී ප්‍රියේ
දිවි ඇති තෙක් මේ භවේ ඔබට පමණයි ආදරේ
මා හද පතුලේ ඔබේ රුව සදා ඇදී තිබේ

සිතකින් නොව ඔබ දමා ගියේ
ඔබ ගෙන සිහිවෙයි හැම මොහොතේ
දුක පමණයි මට උරුම උනේ
සමාවෙන්න කුමරාණනේ

ඔබ හා මා යළි හමුවේ නම්
ජීවිතයම ඔබ හට දෙන්නම්
ඔබගේ සුසුමන් තුළ ගිලිහී
ඔබගේ තුලුලේ මිය යන්නම්

මතකේ හසරැල්..........//

 Mathake hasarel - dushyanth weeraman

0 comments:

Post a Comment